අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

01
අගෝ2024
වැඩිහිටියන් සදහා දේශිය වෛද්‍ය සායනය

වැඩිහිටියන් සදහා දේශිය වෛද්‍ය සායනය

වැඩිහිටියන් සදහා දේශිය වෛද්‍ය සායනය දිනය -...

22
අප්‍රේ2024
New Year Festival - 2024

New Year Festival - 2024

; New Year Festival - 2024 Lightning...

18
ඔක්2018
Maternity Offering Program - 2022

Maternity Offering Program - 2022

There was an event at Divisional Secretarit...

ප්‍රාදේශීය ලේකම්


 
නම සී.පී.ඩබ්.වන්නිආරච්චි මෙය
සුදුසුකම්
  • ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය
රැකියා ඉතිහාසය
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බෙලිඅත්ත
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වීරකැටිය

සහකාර ප්‍රාදේශීය ලේකම්

SAMANTHA SIR නම එච්.කේ.සමන්ත මයා
සුදුසුකම්
  • කලා උපාධිය
  • සංවර්ධන පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය
රැකියා ඉතිහාසය
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සියඹලාණ්ඩුව
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අකුරැස්ස

ගණකාධිකාරි

ACCOUNTANT නම ඩබ්.ඩී.ප්‍රියදර්ශනී මිය
සුදුසුකම්
  • ගණකාධිකරණ විශේෂ උපාධිය
රැකියා ඉතිහාසය
  • වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය, හම්බන්තොට

සහකාර අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන)

 A D MISS නම එස්.එම්.ඩබ්.සී.සපුමොහොට්ටි මිය
සුදුසුකම් වාණිජවේදී (විශේෂ) උපාධිය
රැකියා ඉතිහාසය
  • දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, හම්බන්තොට
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අම්බලන්තොට‍
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තිස්සමහාරාමය

සහකාර අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන)

  A D SIR නම ජී.ඒ.පී.සුරංග මයා
සුදුසුකම්
  • වෙළෙඳ කළමනාකරණ විශේෂ උපාධිය
රැකියා ඉතිහාසය
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වැල්ලවාය
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මුලටියන

පරිපාලන නිලධාරී

AO නම ඒ.ජී.දුලානි ශ්‍යාමලී මිය
සුදුසුකම්
  • අ.පො.ස. උසස් පෙළ
  • කාර්යාල කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව
රැකියා ඉතිහාසය
  • සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලය, දෙබරවැව
  • ගොවිජන සංවර්ධන කාර්යාලය, හම්බන්තොට

පරිපාලන ග්‍රාම නිලධාරි

PADMA MISS නම ඩබ්.කේ.පත්මා මෙය
සුදුසුකම්
  • අ.පො.ස. උසස් පෙළ
රැකියා ඉතිහාසය
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වලස්මුල්ල
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සූරියවැව

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

   REGI. MISS නම ආර්.ඒ.පද්මිණි මිය
සුදුසුකම්
  • කලා උපාධිය
රැකියා ඉතිහාසය
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මැදගම
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ලුණුගම්වෙහෙර
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හම්බන්තොට
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වලස්මුල්ල

 

2022 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 02 02 - - - -
ගණකාධිකාරී 02 01 01 - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 01 - - - -
පරිපාලන නිලධාරී 01 - 01 - - -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 02 02 - - - -
රාජ්‍ය කළමනාකරණ සේවය 65 50 15 - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 04 02 02 - -  
භාෂා පරිවර්තක 02 - 02 - - -
රියදුරු 03 03 - - - -
කාර්යාල කාර්ය සහායක 12 12 - - - -
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව 01 01 - - - -

දැක්ම

සේවා ලාභී තෘප්තිය තුලින් විශිෂ්ඨත්වය කරා

‍මෙහෙවර

ගම් පුරාණය

මෙම කොට්ඨාශයේ පැරණි ග්‍රාම නාමයන් නිර්මාණය වීම කෙරෙහි අවට පාරිසරික සම්පත් වන ඇලදොල, ගංගා, වැව් අමුණු හා ගස්වැල් මුල් වී ඇතිබව පෙනේ.

අද අඟුණකොළපෑලැස්ස නමින් හැඳින්වෙන ප්‍රදේශය ඈත අතීතයේ රාජ්‍ය පාලන සමය දක්වා විහිදෙන බව ඓතිහාසික තොරතුරු වලින් සහ ජනප්‍රවාදයේ එන කථා වලින් පැහැදිලි වේ. මුඵ ලක්දිවම එක්සේසත් කළ වීරෝධාර දේශප්‍රේමි දුටුගැමුණු මහ රජතුමාගේ උපත සිදුවීම සමග මෙම රුහුණු ප්‍රදේශය, රණශූර දස මහා යෝධයින්ට යෝධ බල ශක්තිය ලබා දීමට ද දායක වූ ප්‍රදේශයක් බව ද පෙනේ. එසේම එකල අප රට බේරා ගැනීමට පෙරමුණ ගත් වීරෝධාර සෙන්පතියන්ට මෙන්ම මුඵ රටටම බත සැපයූ රටේ ආරක්ෂාවට කැපවූ දේශප්‍රේමින් සිටි ප්‍රදේශයක් ලෙසද මෙම ප්‍රදේශය සැලකිය හැකිය.

සිංහල රජ සමයේදී මෙම ප්‍රදේශය ජනගහනයෙන් පිරී තිබී පසුව දුටුගැමුණු මහ රජතුමාගේ රජ්‍ය පාලනය රජරට කරා ගෙනයාමත් සමග  මෙම  ප්‍රදේශයේ ජනගහනය ටිකෙන් ටික අඩුවන්නට ඇත. එසේ වීම නිසා ප්‍රදේශයේ තිබූ ජලාශ විනාශවී යාමත් සමගම අධික ශුෂ්ක ප්‍රදේශයක් වන්නට ඇතැයි සැලකේ. මේ නිසා පසුකාලීනව වසංගත රෝග ආදිය පැතිරී යාමත් සමග තවදුරටත් මෙම ප්‍රදේශ ජන ශූන්‍ය වන්නට ඇත.ක්‍රි. ව. 1594 දී සිට 1948 දක්වා විදේශිකයින්ගේ යටත් විජිතයක් ලෙස තිබූ කාලවලදී ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ තේ, පොල්, රබර්, කුරුඳු, කෝපි වැනි වෙළඳ බෝග වගාවන්ට හුරු කිරීමත් සමග මෙහි තිබූ වී වගාව පිරිහීමට ලක්ව ඇත.1848 නිදහසෙන් පසු මහවැලිය වැනි විවිධ සංවර්ධන යෝජනාක්‍රම හරහා නැවතත් මෙම ප්‍රදේශය ජනාවාස වීම හා සංවර්ධනය වීම ඇරඹී ඇත.

ග්‍රාම නාමය ලැබීම

අඟුණකොළපෑලැස්ස යන නම මෙම ග්‍රාමයට ලැබීම පිළිබඳ අදහස් රාශියක් ඉදිරිපත්ව ඇත.

අමුණු කෙළක් පමණ වී වගා කිරීම කල ප්‍රදේශයක් වූ නිසා අමුණු කෙළ ප්‍රදේශය පසුව විවිධ වෙනස්කම් වලට ලක්වෙමින් අඟුණකොළපෑලැස්ස වු  බව එක් මතයකි.

ඈත අතීතයේදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනූව වස විස නැසීමට මහෝපකාරී වූ අඟුණ නැමති ඖෂධ ශාක වර්ග විශාල වශයෙන් තිබීම නිසා අඟුණකොළපෑලැස්ස යනුවෙන් හැඳින් වූ බවට තවත් මතයක් පවතී.

මෙම ප්‍රදේශයේ සිටි පුරාණ ගම් වැසියෙකු කැලෑවෙන් කඩාගෙන සකස්කල පලා වර්ගයක් අනුභව කිරීමෙන් පසු අගුණ වීම නිසා අගුණ වූ කොළ වර්ගය පිහිටි ප්‍රදේශයට මෙම නාමය යොදාඇති බවට ජනප්‍රවාදයෙන් එන කථාවල කියවේ.

භෞතික පරිසරය

භූ විෂමතාවය හා ජලවහන රටාව අඟුණකොළපෑලැස්ස ප්රානදේශීය ලේකම් කොට්ඨාශයේ භෞතික පිහිටීම අනූව මුළුමනින්ම වාගේ තැනිතලා ස්වභාවයක් පෙන්නුම් කෙරේ. මෙම කොට්ඨාශය ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශ‍යේ වෙරළබඩ සිට මදක් අභ්‍යන්තරයට වන්නය පිහිටා තිබේ. පොදුවේ තැනිතලා ප්‍රදේශ‍යක් ලෙස සැලකුවද මෙම කොට්ඨාශයේ දකුණු හා බටහිර කොටස්වල බොහෝදුරට දක්නට ලැබෙන්නේ රැලි බිම් ස්වභාවයකි. උතුරු ප්‍රදේශ‍ය තුල කුඩා ප්‍රමාණයේ කඳුගැට කිහිපයක් ද දක්නට ලැබේ. දෙබොක්කාව, තලාව, දබරුල්ල හා කැන්දකැටිය යන ප්‍රදේශ‍ ආශ්‍රිතව දක්නට ලැබෙන මෙම කුඩා කඳුගැට අතර අඩි 799 උස කපරැල්ල කන්ද උසම ස්ථානය වේ.

ස්වාභාවික ජලවහන රටාව අනූව ප්‍රදේශ‍යේ ස්වාශාවික ජලසම්පත ඉතා සීමිතය. මහා පරිමාණ ගංගා හෝ ස්වාභාවික ජලාශ පිහිටා නැත. අඩු ජල ධාරිතාවක් සහිත කුඩා ප්‍රමාණයේ ජලමාර්ග දෙකක් පමණක් කොට්ඨාශය තුල පිහිටා ඇති අතර ඒවා කච්චිගල්ආර හා ඌරුබොකුඹය වේ. කොට්ඨාශයේ පිහිටා ඇති වැව් වලින් විශාලම වැව මැටිගත්වල වැවයි. මෙය ජල මූලාශ්‍රය කරගත් පානීය ජල ව්‍යිපෘතියක්ද ක්‍රියාත්මක වෙයි.

භූගෝලීය පිහටීම

උතුරු අක්ෂාංශ 6.5 ත් 6.20 සහ නැගෙනහිර දේෂාංශ 80.45 ත් 80.55 ත් අතර පිහිටා තිබේ.

position
https://goo.gl/maps/CVa5Z5755Vg8Ks8Z6


පස් හා ඛනිජ සමිපත්

රතු දුඹුරු පස හා දියළු පස ප්‍රදේශ‍යේ අඩංගු ප්‍රධානතම පස් ඛාණ්ඩ අතරට අයත් වේ. සමහර ප්‍රදේශවල සුළු වශයෙන් තිරුවානා නිධි දක්නට ලැබේ. සුළු වශයෙන් කළුගල් නිධි ද පිහිටා ඇති අතර ඒ අනූව තිරුවානා, කළුගල් හා මැටි මෙහි ඇති ප්‍රධානතම ඛනිජ සම්පත වේ.

ස්වාභාවික වෘක්ෂලතා හා වනාන්තර

අතීතයේ මෙහි ස්වාභාවික වෘක්ෂලතා වලින් හෙබි වියලි හා ශුෂ්ක කලාපීය වනාන්තර දක්නට ලැබුනත් වර්තමානයේ විවිධ සංවර්ධන ක්‍රියාදාමයන් නිසා ඒවා විනාශ වී ඇත. ඒ අනූව ප්‍රදේශ‍යේ තැනින් තැන දක්නට ලැබෙන ලඳු කැළෑ හා ශාක වර්ග හැරුණු විට විශේෂ වශයෙන් දක්නට ලැබෙන ස්වාභාවික වෘක්ෂලතා වැස්මක් තිබුණි. මහවැලි ගොවි ජනපද පිහිටුවීමත් සමග ඇතිවූ ජනගහන වර්ධනය හේතුවෙන් සංවර්දන කටයුතු සඳහා භූමිය එලි පෙහෙලි කිරීම වනාන්තර අඩුවීමට හේතු විය. කොට්ඨාශයේ උතුරු ප්‍රදේශ‍යට වන්නට රජය මගින් නැවත වන වගාව යටතේ ආරම්භ කරන ලද අක්කර 1400 කට ආසන්න තේක්ක වගාවක් ප්‍රදේශ‍ය සතුව ඇත

කොට්ඨාශයේ ඉතා දර්ශණීය වූ පරිසර සංවේදි ප්‍රදේශ‍යේ වන අඩි 799 ක් උසැති කපරැල්ල කන්ද ආශ්‍රිත ප්‍රදේශය තේක්ක, කොස්, බුරුත, කළුවර වැනි වටිනා ශාක විශේෂ වලින් සමන්විතව තිබූ නමුත් වර්තමානය වන විට දැකගත හැකි වනුයේ තේක්ක ශාක සුළු ප්‍රශමාණයක් හා දෙබර වැනි ශාක පමණි. එයද දැව ජාවාරම් කරුවන්ගේ ක්‍රියාවන් නිසා ඉක්මනින් විනාශවෙමින් පවතී. මෙසේ ශාක හා පඳුරු තුරන්වී යාම නිසා මෙම ප්‍රදේශය සෝදා පාළුවට ලක්වෙම්න් පවතී.

අඩි 40-50 පමණ උස් ශාක දක්නට ලැබෙන අතර කොහොඹ, බුරුත, තේක්ක, කොස්, අන්දර, එරමිණියා, පොල්, වැනි ශාක බහුලව වැඩේ. කොට්ඨාශයේ තලාව, කාරියමඩිත්ත වැනි ප්‍රදේශ ආශ්‍රිතව තල් ශාකය බහුලව වර්ධනය වේ.

ප්‍රදේශ‍යේ ජෛව විවිධත්වයට දැඩි තර්ජනයන් එල්ල වී ඇති අතර ඒ හේතුවෙන් ඇතැම් ශාක හා සතුන් වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇත.දේශීය සම්භවයක් සහිත එළවළු, පළතුරු, සුදුහදුන්,කරුවල, කළුමැදිරිය, මී, ඇත්දෙමට, තොටිල,පලොල,රුක්අත්තන, එරබදු, වැනි ශාක වදවී යාමේ තර්ජනයන්ට ලක්වී ඇත. මීට අමතරව පිඹුරා, පළාපොළගා, නාගයා, වැනි උරග වර්ගද හාවා, මීමින්නා, ඉත්තෑවා, මුවා, කබැල්ලෑවා, වැනි සිව්පාවුන්ද කහකුරුල්ලා, සිව්රුහොරා, වී කුරුල්ලා, වළිකුකුළා, කලු කපුටා වැනි පක්ෂි විශේෂද මී මැස්සා, දෙබරා, බඹරා, වැනි කෘමි විශේෂද වදවීමේ තර්ජනයට ලක්වී ඇත.

මෙසේ ජෛව විවිධත්වය විනාශ වීමට හේතු කිහිපයක් හදුනාගත හැකිය. හේන් ගොවිතැන කෘෂිරසායනික ද්‍රව්‍ය භාවිතය, ප්‍රදේශ‍යට ආවේණික නොවන විදේශීය ශාක වර්ග රෝපනය කිරීම, දේශීය සම්භවයක් සහිත එළවළු පළතුරු වගා කිරීම, විදේශීය සම්භවයක් සහිත ටර්පන්ටයින් ඇකේෂියා, තේක්ක, ඉපිල් ඉපිල් වැනි ශාක වගාකිරීම, සතුන් දඩයම් කිරීම, කැළෑ ප්‍රදේශ‍ය ගිනි තැබීම මෙසේ ජෛව විවිධත්වය විනාශ වීමට බලපා ඇත.

ප්‍රදේශ‍යේ ජෛව විවිධත්වයට බලපාන ආක්‍රමණශීලී ජීවීන් පිළිබදව සලකා බලන විට ජලජ පරිසරය ආක්‍රමණය කරන සැල්වීනියා, ජපන් ජබර වැනි ශාක වලට හිමිවන්නේ විශේෂිත ස්ථානයකි. මේ තුළින් ප්‍රදේශ‍යේ මත්ස්‍ය සම්පත අඩුවන අතර ජලාශ ගොඩවීමේ තර්ජනයකට මුහුණ පායි. මෙම පැලෑටි නයිට්රේළට් අති බහුල පැලැටි වන බැවින් කොම්පෝස්ට් පාහොර නිෂ්පාදනය සදහා යොදාගත හැකිය. ගොඩබිම් පරිසර පද්ධතියට හානි කරන පැළැටි ලෙස ගඳපාන, ඉපිල් ඉපිල්, ඇකේෂියා වැනි ශාක හැඳින්විය හැක.

අඟුණුකොළපෑලැස්ස ප්‍රදේශ‍ීය ලේකම් කොට්ඨාශයේ වැදගත් ස්ථාන

අඟුණුකොළපෑලැස්ස ප්‍රාදේශ‍ීය ලේකම් කොට්ඨාශයේ උන්නතාංශයෙන් වැඩිම ස්ථානය වන්නේ කපරැල්ල කදුවැටියයි. එහි උසම ස්ථානය අඩි 799 ක් පමණ උසින් යුක්තයි. තලාව උතුර, දබරැල්ල දකුණ, කැන්දකැටිය, උස්වැව, දෙබොක්කාව උතුර, යන ග්‍රම නිලධාරී වසම්වලට අයත්වේ. ජෛව විවිධත්වය ඉතා ඉහල මට්ටමක පැවති මෙම කදු වැටියේ ශාක ප්‍රජාව මිනිස් ප්‍රජාව විසින් ගිණිතැබීම්, විදේශීය සම්භවයක් සහිත ටර්පන්ටයින් , තේක්ක වැනි ශාක වගාකිරීම, වන සත්ත්ව දඩයම වැනි හේතු නිසා ජෛව විවිධත්වය විනාශ වීම, පාංශු ඛාදනය ඉහල යාම, වැනි ගැටළු රාශියක් කපරැල්ල කදු වැටිය ආශ්රිවතව හදුනාගත හැකිය.

පාරිසරික හා ආගමික අතින් වැදගත් වන ස්ථානයන් ලෙස කසාගල පුරාණ විහාරය හැඳින්විය හැක. නුවර යුගයට අයත්වන මෙම විහාරස්ථානයේ නටබුන් රාශියක් දක්නට ලැබේ. පැරණි විහාරයේ ඇති බිතු සිතුවම් කෙරෙහි වර්තමානයේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ නෙත් සිත් යොමු වී ඇත.කසාගල විහාරස්ථානයේ පාරිසරික තත්ත්වය නගාසිටුවීම සඳහා දුර්ලභ ශාක වගා කිරීමේ වැඩ සටහනක්  ක්‍රියාත්මක කරන ලදී. ඒ යටතේ කරුවල, කළු මැදැරිය, කුඹුක්, මී හා ඇසල වැනි දුර්ලභ ශාක පැළ 100 ක් පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීම මත රෝපණය කරන ලදී.

රාජ්‍ය සමයේදී වැවයි දාගැබයි කෙතයි කේන්ද්‍ර කොට ගෙන ගම්මාන ඉදි වී ඇති බව බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබේ. මේ අනුව අප ප්‍රාදේශිය ලේකම් කොට්‍ඨාසයේ වැව් රාශියක් ඇතත් මින් උසම ස්ථානයේ පිහිටා ඇති එකම වැව උස්වැව ලෙස සැලකෙයි. එසේම අප ප්‍රාදේශිය ලේකම් කොට්‍ඨාසයේ ඇති විශාලතම ජලාශය මැටිගත්වල ජලාශයයි. මෙය මැණික් ගත් වැව වශයෙන්ද පැරැන්නන් හදුන්වයි. අදටත් වැව ආසන්නයේ මැණික් මතුවන බවට ද දැනගන්නට ඇත. මේ වැවේ ධාරිතාව අක්කර 900 පමණ වේ.

ග්‍රාම නිලධාරි වසම් පිළිබඳ තොරතුරු

අංකය ග්‍රා.නි.වසම මැතිවරණ කොට්ඨාසය පොලිස් ස්ථානය ගොවිජන සේවා මධ්‍යස්ථානය තැපැල් කාර්යාලය සමෘද්ධි කලාපය රෙජිස්ට්‍රාර් කොට්ඨාසය මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය පවුල් සෞඛ්‍ය සේවා කොට්ඨාසය
187 අඟුණකොළපැලැස්ස තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස
188 ආචාරියගම තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස හුංගම අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස
189 යකාගල තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අලුත්වැව අඟුණකොළපැලැස්ස යකාගල
190 අළුත්වැව තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අලුත්වැව අඟුණකොළපැලැස්ස යකාගල
191 කංකානම්ගම තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අලුත්වැව අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස
192 බිංකම තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස හුංගම උස්වැව මැදආර
193 හැලේකඩ තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අලුත්වැව අඟුණකොළපැලැස්ස හැලේකඩ
194 දංදෙනිගම තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස තලාව අඟුණකොළපැලැස්ස දහඅමුණ හැලේකඩ
195 කරගහවල තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස හුංගම අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස
196 ජූලමුල්ල තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අපැලැස්ස / හකුරුවෙල හකුරුවෙල අලුත්වැව දහඅමුණ දහඅමුණ
197 ජඳුර තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස හකුරුවෙල අලුත්වැව අඟුණකොළපැලැස්ස ජඳුර
198 පහලගම තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස උස්වැව / කාරියමඩිත්ත තලාව අඟුණකොළපැලැස්ස දහඅමුණ පහලගම
199 ගුරුවල තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස හකුරුවෙල අඟුණකොළපැලැස්ස දහඅමුණ ගුරුවල
200 ඉඳිගැටවෙල තංගල්ල හුංගම අඟුණකොළපැලැස්ස හකුරුවෙල හකුරුවෙල අලුත්වැව අඟුණකොළපැලැස්ස හකුරුවෙල
201 තලම්පෝරුව තංගල්ල හුංගම අඟුණකොළපැලැස්ස හකුරුවෙල / රන්න හකුරුවෙල අලුත්වැව දහඅමුණ තලම්පෝරුව
202 ගුරුන්නැහෙගෙආර තංගල්ල හුංගම අඟුණකොළපැලැස්ස හකුරුවෙල / රන්න හකුරුවෙල අලුත්වැව දහඅමුණ තලම්පෝරුව
203 දහඅමුණ තංගල්ල හුංගම අඟුණකොළපැලැස්ස හකුරුවෙල හකුරුවෙල අලුත්වැව දහඅමුණ දහඅමුණ
204 කොටවාය තංගල්ල හුංගම අඟුණකොළපැලැස්ස හකුරුවෙල හකුරුවෙල උඩයාල දහඅමුණ කොටවාය
205 හකුරුවෙල තංගල්ල වීරකැටිය උඩයාල හකුරුවෙල හකුරුවෙල උඩයාල හකුරුවෙල හකුරුවෙල
206 නෙටලපෝරුව තංගල්ල වීරකැටිය උඩයාල හකුරුවෙල හකුරුවෙල උඩයාල දහඅමුණ නෙටලපෝරුව
207 උඩයාල තංගල්ල වීරකැටිය උඩයාල හකුරුවෙල උඩයාල උඩයාල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස
208 මැදයාල තංගල්ල වීරකැටිය උඩයාල හකුරුවෙල උඩයාල උඩයාල හකුරුවෙල උඩයාල
209 බෝගමුව තංගල්ල වීරකැටිය උඩයාල හකුරුවෙල හකුරුවෙල උඩයාල අඟුණකොළපැලැස්ස බෝගමුව
210 වීරගස්වැව තංගල්ල වීරකැටිය උඩයාල හකුරුවෙල හකුරුවෙල උඩයාල අඟුණකොළපැලැස්ස වීරගස්වැව
211 හීන්බුන්න තංගල්ල වීරකැටිය උඩයාල හකුරුවෙල උඩයාල උඩයාල අඟුණකොළපැලැස්ස මැදගොඩ
212 මකුළදෙනිය තංගල්ල වීරකැටිය උඩයාල හකුරුවෙල උඩයාල උඩයාල අඟුණකොළපැලැස්ස මැදගොඩ
213 මැදගොඩ තංගල්ල වීරකැටිය උඩයාල හකුරුවෙල උඩයාල උඩයාල අඟුණකොළපැලැස්ස මැදගොඩ
214 දිඹුල්ගොඩ තංගල්ල වීරකැටිය උඩයාල හකුරුවෙල / අත්තනයාල / මොරයාය උඩයාල උඩයාල හකුරුවෙල අත්තනයාල
215 ගජනායකගම තංගල්ල වීරකැටිය උඩයාල හකුරුවෙල / මොරයාය උඩයාල උඩයාල අඟුණකොළපැලැස්ස අත්තනයාල
216 වකමුල්ල තංගල්ල වීරකැටිය උඩයාල හකුරුවෙල උඩයාල උඩයාල අඟුණකොළපැලැස්ස මැදගොඩ
217 අත්තනයාල බටහිර තංගල්ල වීරකැටිය උඩයාල මැදමුලන උඩයාල උඩයාල අඟුණකොළපැලැස්ස මැදගොඩ
218 අත්තනයාල නැගෙනහිර තංගල්ල වීරකැටිය උඩයාල මැදමුලන උඩයාල උඩයාල අඟුණකොළපැලැස්ස මැදගොඩ
219 දෙබොක්කාව උතුර තංගල්ල මිද්දෙණිය අඟුණකොළපැලැස්ස කාරියමඩිත්ත තලාව උඩයාල කාරියමඩිත්ත දෙබොක්කාව
220 දෙබොක්කාව දකුණ තංගල්ල මිද්දෙණිය අඟුණකොළපැලැස්ස කාරියමඩිත්ත තලාව උඩයාල කාරියමඩිත්ත දෙබොක්කාව
221 සූරියපොකුණ තංගල්ල මිද්දෙණිය අඟුණකොළපැලැස්ස උස්වැව / කාරියමඩිත්ත තලාව වැව් ගම් පළාත තලාව දෙබොක්කාව
222 අමරතුංගම තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස උස්වැව අඟුණකොළපැලැස්ස වැව් ගම් පළාත අඟුණකොළපැලැස්ස උස්වැව
223 මැදආර තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස උස්වැව / අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස වැව් ගම් පළාත අඟුණකොළපැලැස්ස උස්වැව
224 කොහොඹගස්වැව තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස උස්වැව අඟුණකොළපැලැස්ස වැව් ගම් පළාත උස්වැව මැදආර
225 උස්වැව තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස උස්වැව තලාව වැව් ගම් පළාත උස්වැව උස්වැව
226 කයිලවැල්පෝටාව තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස රත්මල්වල තලාව වැව් ගම් පළාත උස්වැව උස්වැව
227 මැටිගත්වල තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස උස්වැව අඟුණකොළපැලැස්ස වැව් ගම් පළාත අඟුණකොළපැලැස්ස අබේසේකරගම
228 අබේසේකරගම තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස බරවකුඹුක අඟුණකොළපැලැස්ස වැව් ගම් පළාත අඟුණකොළපැලැස්ස අබේසේකරගම
229 දික්වැව තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස උස්වැව අඟුණකොළපැලැස්ස වැව් ගම් පළාත උස්වැව මැටිගත්වල
230 කලවැල්වල තංගල්ල අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස අඟුණකොළපැලැස්ස වැව් ගම් පළාත උස්වැව අබේසේකරගම
231 කැන්දකැටිය තංගල්ල මිද්දෙණිය අඟුණකොළපැලැස්ස රත්මල්වල / කාරියමඩිත්ත තලාව වැව් ගම් පළාත කාරියමඩිත්ත කැන්දකැටිය
232 රත්මල්වල තංගල්ල මිද්දෙණිය අඟුණකොළපැලැස්ස රත්මල්වල තලාව වැව් ගම් පළාත කාරියමඩිත්ත දබරැල්ල
233 දබරැල්ල උතුර තංගල්ල මිද්දෙණිය අඟුණකොළපැලැස්ස කාරියමඩිත්ත තලාව වැව් ගම් පළාත කාරියමඩිත්ත දබරැල්ල
234 දබරැල්ල දකුණ තංගල්ල මිද්දෙණිය අඟුණකොළපැලැස්ස කාරියමඩිත්ත තලාව වැව් ගම් පළාත කාරියමඩිත්ත දබරැල්ල
235 කාරියමඩිත්ත තංගල්ල මිද්දෙණිය අඟුණකොළපැලැස්ස කාරියමඩිත්ත තලාව වැව් ගම් පළාත තලාව තලාව
236 තලාව උතුර තංගල්ල මිද්දෙණිය අඟුණකොළපැලැස්ස කාරියමඩිත්ත තලාව වැව් ගම් පළාත කාරියමඩිත්ත තලාව
237 තලාව දකුණ තංගල්ල මිද්දෙණිය අඟුණකොළපැලැස්ස කාරියමඩිත්ත තලාව වැව් ගම් පළාත කාරියමඩිත්ත තලාව
Scroll To Top